මරණයෙන් පිබිදුණු මිනිස්සු ග්‍රන්ථයෙන් - 02 කොටස - මරා දැමුණු මිනිසා අතින් මිනීමරැවා ඝාතනය වෙයි

 

මරා දැමුණු මිනිසා අතින් මිනීමරැවා ඝාතනය වෙයි
ලන්ඩන් නගරය අසල වූ එක්‌ පෞද්ගලික පාසලක්‌ පිහිටා තිබුණේ බෙහෙවින්‌ පැරණ විශාල තිවසක්‌ තුළය. එල්ම් ගසින්‌ හා දේවදාර ගසින්‌ සෙවන වූ පාසල්‌ භූමිය මනරම් තෙමිස්‌ නදිය අසඛඩ සුන්දර පථසරපරයක පිහිටා තිබිණ.

1870 වසරේ පළමු පාසල්‌ වාරය ආරමිභ විය. පාසල්‌ සිසුන්‌ 13ට දෙනාත්‌ ගුරුවරුන්‌ කිහිපදෙනාත්‌ ඇතුළු සියල්ලෝම පාසල පටන්‌ ගත්‌ දින පැමිණ සිටියහ.

මේ වාරයේ දී පැරණ ගුරුැවරැන්ට අමතරව සැම්ප්සන්‌ නමි වූ අළුත්‌ ගුරැව්රයෙක්‌ ඳ පැමිණ සිටියේය. මුහුණ පුරා  වැවුණු ඝන රැවුලුකින්‌ ද උස්‌ සිපැරකින්‌ ද යුතු වූ අළුත්‌ ගුරුවරයා කල්‌ යත්ම ශිෂ්‍යයන්‌ අතර ජනප්‍රිය වන්නට සමත්‌ විය. රට රටවල ඇවිද, නොයෙකුත්‌ තොරතුරු දැන සිටි ඔහු ඒ පිළිබඳට සිසුන්ට රසවත් කතා පැවසීමටද සමත්ව සිටියේය.

සැම්සන් ගේ ගෙලෙගි නිරතුරුවම ඔහු පැළඳ සිටි මාලයක්‌ විය. ඔහුගේ මුල්‌ අකුරු තුන වන ඒ. ඩබ්ලිව්‌. එස්‌. කොටා තිබූ රන්‌ එහි අමුණා තිබිණ. “සැම්සන්” මහතා පාසලට පැමිණ නොබෝ දිනකින්‌ අද්භූත සිදුවීම්‌ මාලාවක්‌ පාසල පුරා හමා යත්නට පටන්‌ ගත්තේය.

දිනක් ගුරැවරයා ශිෂ්‍යයින්ට ලතින් බාෂාව උගන්වමින් සිටියේය. ශිෂ්‍යයින්ට ලතින් බාෂාවෙන් වාක්‍යය බැගින් ලිවීමට නියමිතව තිබිණ.  මේ අතර පන්තියේ කොණක වාඩිවී සිටි ''මැක්ලොයිඩ්'' නම් ශිෂයයා කිසිත් නොලියා මේසයට බරවී සිටින බව තවත් ශිෂ්‍යෙයකුගේ නෙත ගැටිණ. ''මැක්ලොයිඩ්‌ ලියන්නේ නැද්ද?" අසල වාඬිවිහුන්‌ ශිෂ්‍යයාගේ හඬින්‌ තිගැස්සුණු "මැ ක්‌ලෙයිඩ්‌" වහා අවදි වූ බවක්‌ දක්වා යමක් තම පොතෙගහි ලිව්වේය.

ගුරුවරයා ශිෂ්‍යයන්ගේ පොත්‌ වල හරී වැරදි ලකුනු කරන්නට පටන්‌ ගත්තේය. "මැක්‌ලොයිඩී" ගේ පොත දෙස
පමණන්ම ඔහු තැති ගත්තා සේ පෙණන. සුදුමැලි වූ ඔහු යුතු වූ ගූරුවරයා වහා පංති කාමරයෙන්‌ පිටවී ගියේය. වහා පොත අතට ගෙත බැලු ශිඝ්‍යයෙකුට “අදුරු පෙදෙසෙහි තිබූ ලිද මතකද?" සනුවෙන්‌ ලියා තිබෙනු දක්නට ලැබිණ.

"මා ඳන්නේ නැඟැ මෙහෙම දෙයක් කොහොම මගේ අතින් ලියවුණාද කියලා? මොහොතකට රතු පාට බෙරි පළතුරැවලින් පිරැණ ගස් වලින් වට වුණු පාළු ප්‍රෙද්ශයක් මගේ හිතේ ඇදුණා. එෟ මැද ළිදකුත් තිබුණා. ඊටපස්සේ නෙදැනීම වගේ මම මොනවාදෝ ලිව්වා." මැක්ලොයිඩ් විස්තර කළේය. පසුව ගුරැවරයා විසින් අසන ලද අවස්ථාවේදී ඒ සියල්ල නැවතත් කීවේය. ගුරැවරයා වඩාත් තිගැස්සුණු ස්වරෑපයක් පෙන්වීය.

සති කිහිපයක් කිසිදු කලබලයකින් තොරව ගතවී ගියේය. දිනක් උදෑසන ලතින් බස උගන්වන අතරතුර ''සැම්ප්සන්'' මහතා ලතින් වාක්‍යය කිහිපයක් ලිවීමට ශිෂ්‍යන්ට නියම කළේය.  නිමකළ පොත් ගුරැවරයා විසින් පරීක්ෂා කිරීම ආරඹන ලදී.  පරීක්ෂා කරමින් සිටින අතරතුර ගුරැවරයා එක් වරම කෑ ගසමින් කාමරයෙන් පිටවී දිව ගිය බව ශිෂ්‍යයන් බලා සිටියේ විශ්මයෙන් යුතුවය.

වහා ගුරැවරයාගේ මේසයට දිව ගිය ශිෂ්‍යයන් එය පරීක්ෂා කළේය. පත්‍රිකා උඩින්ම වූයේ රතු තීන්තෙන් ලියන ලද යම්කිසිවකි. එය තමන්ගේ නොවන බව ශිෂ්‍යෙයා් වහා වටහා ගත්හ. පන්තියේ සිටියේ ශිෂ්‍යයන් 16 දෙනෙකු වූ අතර මෙම කඩදාසියත් සමග පත්‍රිකා 17 තිබීම එය සනාථ කරන්නක් විය.

අද්බූත කොළයෙහි "ඔබ මා ළගට නොඑන්නේ නම් මා ඔබ ළගට එනවා" යනුවෙන් ලතින් බසින් සදහන් කර තිබිණ. එක් ශිෂ්‍යෙයක් තම පත්‍රිකාව සමග අද්බූත පත්‍රිකාවද තම පොත තුළට දාගත්තේ ගුරැවරයාට පසුව දීමටය. එදින සවස පොතක් ගැනීමට පොත් ගොඩ ඇවිස්සූ විට එම ශිෂ්‍යයාට කිසිවක් සදහන් නොවූ පෙර කී කොළය දක්නට ලැබිණ. තීන්ත වර්ගයක කිසිදු ලක්‍රණක් හෝ දක්නට නොතිබීම ශිෂ්‍යයන් මවිතයට පත් කිරීමට සමත් විය.

මෙසේ දින දෙකක් ගත විය. දිනක් සද ඇති රැයක ''මැක්ලොයිඩ්'' නම් ශිෂයයා එක්වරම තිගැස්සී අවදිවිය. තම සයනය අසළ වූ ජනේලය විවෘත කර බැලූවිට ඔහුට එක්වරම දිස්වූයේ යාබද ගොඩනැගිල්ලේ පහත මාලයේ තිබූ ''සැම්ප්සන්'' මහතාගේ නිදන කාමරයයි. ''සැම්ප්සන්'' මහතා නොමැති අවස්ථාවක වෙනත් කිසිවෙකු එම කාමරයේ ජනේලය අසළ ගැවසෙනු බබලන සද එළියෙන් දුටු ''මැක්ලොයිඩ්'' වහාම තබ යාබද සයනයේ නිදා සිටි තම මිතුරා අවදි කළේය. මිතුරන් දෙදෙනා නැවත ජනේලයෙන් පිටත බලන විට අද්බූත පුද්ගලයා අතුරැදන්ව සිටියේය.

"මොනවද ඔබ දැක්කේ?" මිතුරා ''මැක්ලොයිඩ්'' ගෙන් විමසීය. ''කව්දෝ මිනිහෙක් සැම්ප්සන් මහතාගේ ජනෙල් පඩිය මත දණගහගෙන කමරයට එබෙමින් සිටියා. හද එළිය නිසා එම මනුස්සයා ඉතා කෙට්ටු බවත් වැස්සකට අහුවෙලා වගේ හොදටම තෙමී සිටිය බවත් මන් දැක්කා... හරියට අවතාරයක් වගේ'' යනුවෙන් වැඩිදුරටත් ඔහු විස්තර කළා.

මේ අතර පසුවදාම ''සැම්ප්සන්'' මහතා තම බඩුබාහිරාදිය ද රැගෙන පාසෙලේ නේවාසිකාගාරයෙන් පිටව ගොස් තිබිණ. ඔහු පිළිබද කිසිදු ආරන්චියක් ඉන් පසුව නොලැබිණ.

මේ සිදුවීම් සියල්ල සිදුවී තිස්වසරක් පමණ ගත වී ගියේය. එදා ශිෂ්‍යයන් අද මැදවියේ විවාහකයන් ලෙස එන්ගලන්තයේ තැනින් තැන විසිරී සිටියහ. මේ අතර එක් ශිෂයෙක් පදංචිව සිටියේ අයර්ලන්තයේයි. දිනක් හිතවත් ගැමි පවුලකින් ලැබුණු ආරාධනාවකට අනුය ඔහු එම ගැමි නිවසෙහි රාත්‍රී කෑමවේලකට සම්බන්ධ විය. නිවසේ හාමුපුතා තම අමුත්තා විසිත්ත කාමරයට වී අල්ලාප සල්ලාපයේ යෙදී උන්නේය.

"ඔබ පැරණි දේවල් ගැන හුගාක් දන්නවා නේද?" යැයි කතාව මැදදි ඇසූ නිවසේ හිමියා කබඩයක් තුළ තිබූ පෙට්ටියකින් අකුරැ තුනක් කෙටූ රන් කාසියක් ඇමිණූ මාලයක් පෙන්විය. "අප ගේ පිටුපස බෙරි ගස්වලින් වටවුණු අදුරැ පෙදෙසක පාළු පෙදෙසක පාළු ළිදක් තියෙනවා. ඒ විතරක් නොවෙයි ළිද ඇතුළේ තිබිලා අපිට ඇටසැකිළි දෙකකුත් හමුවුණා. මේ මාලය තිබුණේ ඒ එක් ඇටසැකිල්ලක රැදිළයි" ගෙහිමියා විස්තර කළේය. එම මාලයේ පෙන්ඩන්එකේ කොටා තිබුණේ "ඒ. ඩබ්ලිව්. එස්" යන අකුරැ තුන අපහසුවෙන් කියවාගත් අමුත්තාගේ සිතෙහි විදුලියක් මෙන් මීට තිස්වසරකට පමණ පෙර පාසලේදී තමන්ට ලතින් බස ඉගැන්වූ  ''සැම්ප්සන්'' මහතා ගේ ගෙල රැදුණු මාලයම නොවේදැයි සිතිණ. එසේනම් එම කාලයේදි කිසිදු තොරතුරක් නැතිව අතුරැදන් වූ  ''සැම්ප්සන්'' මහතා මියගොස් තිබේ.

එදින රාත්‍රිෙය් තම නිවසට ගිය අමුත්තා නින්දට ගිය පසු තම සයනයෙහි වැතිරී පාසල්වියේ මතකයන් අවදි කරමින් දිගු කල්පනාවක වැටුනේය. මේ සියල්ලම අවසානයේදී හෙතෙම නිගමනයකට පැමිණියේය. එනම්  ''සැම්ප්සන්'' මහතාතම පාසලට පැමිණීමට පෙර මිනිසෙකු මරණයට පත්කර මේ පාළු ළිද තුළට දමා ඇති බවය.   ''සැම්ප්සන්'' මහතා පසුපස හබා එමින් නොයෙකුත් පණිවිඩ මගින් ඔහු බියට පත් කර අසිහියෙන් මෙන් ඔහු මෙම ස්ථානයට නැවත රැගෙනවිත් පළිගත්තා විය හැක.

මේවා සිතමින් අවසානයේ නින්දට වැටුණු ඔහුට සිහිනයක් පෙණින. අදුරැ පැහැති ඇදුමක් ඇදගත් සියොළගින් ජලය වැගිරෙන සිහින් මිනිසෙක් තම ජනේලය තුලින් එබී බලනු එම සිහිනයයි.
 

මරණයෙන් පිබිදුණු මිනිස්සු - නිෂානි දිසානායක
ටයිප් සෙටින් - ඉන්දීෂකොම්

Comments

Popular posts from this blog

මරණයෙන් පිබිදුණු මිනිස්සු ග්‍රන්ථයෙන් - 01 කොටස - මරණින් පසු පුතුගේ ගෙදරට ආ "ලෙකි" මහත්මිය

මස්සිනා