ඇමිටිවිලි ශාපය - Amityville Curse
1977 වර්ශයේදි පොතකට ලියවුනු සහ එමගින් අද වෙනකම් බිහි වූ චිත්‍රපට ගණනාවකට පාදක වූ සත්‍ය සිදුවීමක් ගැනයි ලියන්නෙ.. නම දැක්කම සමහරු නම් දන්නවා ඇති මොකක් ගැනද කියන්නෙ කියල.. මට මතක විදියට නම් මේ සම්බන්දව චිත්‍රපට 10ක් විතර දැනට නිකුත් වෙලා ඇති තව ඉස්සරහටත් මේ කතාවම reboot වෙවි එයි.. ඉතින් මේ කතාවට හේතුව උන දේට කලින් කතාව ගින්නක් වගෙ ලෝකෙ පුරා ඇවිලුන සිදුවීම ගැන මුලින් කතා කරමු
මෙ සිදුවීමට මුහුණ දෙන්නෙ ලුස්ට් පවුලෙ අයයි.. ඒ අය 1976 වර්ශයේදි $80,000ක් වැනි ලොකු මුදලකට ඇමිටිවිල් වල 112 ඕශන් මාවතෙ තිබෙන නිවසක් ගන්නව. ඉතින් අස් පස් කරල මේ අය පදින්චියට ආවට පස්සෙ තමා කෙලිය වෙන්නෙ .. මොකද මේ නිවසෙ අත්භූත සිදුවීම් රාශියකට මුහුණ දීමට සිද්ද වෙනව..
ලුට්ස් මහතාව හරියටම හැම දාම පාන්දර 3.15ට හේතුවක් නැතුවම නිකන්ම අවදි වෙනව.. ඉතින් මේක සාමන්යයි කියල හිතන්න පුලුවන් දවසක් දෙකක් ඒ වෙලාවට ඇහරුනාම දිගටම වෙන එක.. ඒත් ඒ ඇහරුනාම මහ අමුතු ගඳක් බිත්ති වලින් එනවත් දැනිල තියනව.. දොරෙ යතුරු කවුල් වල ඉදන් තියන සෑම හිඩසකින්ම මේ ගඳ හමා ඒම නිසා මේ ගැන මහා අමුතු බයකින් තමා මේ අයජීවත් උනේ.. ඊට අමතරව අමුතු ආකාරයෙ භීතිජනක සීතලක් එක වරම පැමිනිම නිසාත් ගරාජයෙ දොරවල් ඉබෙ ඇරීම සහ දිනක් නිවස තුල ඉදන් රතු පාට ඇස් තියන ඌරෙක් වගෙ සතෙක් ලුට්ස් මහතා සහ ඔහුගෙ පුතා දෙස බලා සිටිනව දැකපු නිසාම මේ අය පූජකයෙක්ව එක්කන් ඇවිල්ල නිවසට ආරක්ශාවක් කරගන්න කල්පනා කරනව
ඉතින් මේ එක්කරගන ආව පූජකයාටත් නිවසෙ සිටින භූත ආත්ම කරදර කරන්න ගන්නව.. ඔහුව එක වරම විසි උනාක් මෙන් දැනිල තියනව නිවසට ආරක්ශාවක් දාන්න ගිය අවස්තාවෙදි.. ඒ වගේම එලියට යන ලෙස කටහඩක් ඔහුට පැවසූ නිසාම භීතියට පත් වූ පූජකයාද නිවසින් ඉවත්ව ගියා.. ඉතින් මේ සිදුවීම් පෙල ගින්නක් වගෙ හැම තැනම ප්‍රචාරය වෙන්න ගන්නව.. අවසානයෙ ලුට්ස් පවුලෙ අය නිවසෙන් යාමට පවා තීරනය කරනව.. ඉතින් මේ ප්‍රචාරය දැනගන්න ලැබෙනව ප්‍රසිද්ද භූත ගවේශක යුවලක් වන එඩ් සහ ලොරේන් යන දෙදෙනාට
මේ අය ඇවිල්ලා පරීක්ශා කිරිමෙන් පස්සෙ මේ ගෙදර තියන අත්භූත බලවේග ගැන සොයමින් සිටියදි ඔවුන්ගෙ කැමරාවට ළමයෙකුගෙ චායාවක් හසු වෙනව.. මේ හසු වූ චායාව මේ නිවසෙ මීට පෙර එනම් 1974දි සිදු වූ මහා කේදවාචකයකින් මිය ගිය වයස 9ක ජොන් මැතිව් ඩිෆියෝගෙ පෙනුමට ගොඩක් සමාන නිසා එඩ් සහ ලොරෙන් දෙදෙනා සැක කරන්නට ගත්තේ මේ ෆොටො එකට අහු උනේ ඒ ළමයගෙ අවතාරය කියලයි.. ඉතින් මොකක්ද 1974දි උනේ..
#1974
රොනල්ඩ් ජෝසප් ඩිෆෙයො කියන්නෙ 1951 වර්ශයේ සැප්තැම්බර් 26 වන දින ඇමරිකාවෙ බෘක්ලින් වල උපත ලද ඩිෆියො පවුලෙ වැඩිමහල් පුත්‍රයායි.. මෙම සිදුවීමට මුහුණ දෙනකොට ඔහු වයස 23ක තරුණයෙකි.. අර කලින් කියපු චායාරූපයෙ හොල්මන් කලෙ මෙයාගෙ බාල සහෝදරයා ජෝන් මැතිව්.. ඒ වගේම මෙයාට තව බාල සහොදරයෙක් හිටියා මාක් කියල වයස 12ක. ඒ වගේම ඩොව්න් සහ ඇලිසන් යන නම් වලින් වයස 18ක සහ 13ක බාල සහොදරියන් දෙදෙනෙකුත් හිටියා ..
ඉතින් රොනල්ඩ් ජෝශප් 1974 නොවැම්බර් 13 වන පාන්දර 3.15ට කැලිබර් 35ක රයිෆල් එකක් අරගන ඇවිල්ල පවුලෙ හැමෝම ඝාතනය කරනව.. දෙමාපියන් දෙදෙනාට උන්ඩ දෙක ගානෙ සහ අනෙක් අයට තනි උන්ඩයක් ගානෙ තියල ඉවරයක්ම කරල දානව.. ඉතින් මෙයින් වැඩිමහල් සහොදරියන් දෙදෙනාට වෙඩි තබන අවස්තාවෙදි ඔවුන් අවදියෙන් සිටින්නට ඇතැයි මරණ පරීක්ශන වලින් වාර්තා වී තිබෙනව
ඉතින් මෙලෙස ඝාතනය කරපු රොනල්ඩ් පහු වෙනිදා සවස් වෙනතුරු කිසිම කලබලයක් නැතිව ඉදල සවස 6.30ට පමණ මිතුරෙකුට සහ ප්‍රදේශ වාසි කිහිප දෙනෙක්ට දන්වනව තමන්ගෙ පවුලෙ අයව කවුරු හෝ මරා දාලා ගිහින් කියල.. මේ පිරිස ගිහින් සෝදිසි කරද්දියි දැකල තියෙන්නෙ හැමෝම නිදි ඇඳේම මරල දාලා කියල..
ඒත් පුදුමයට කාරණය නම් කැලිබර් 35ක රයිෆල් එකකින් වෙඩි තියනකොට හරි නම් මෙ අවට ගෙවල් වල මිනිස්සු ඇහරෙන්න ඕන එහෙම නැත්නම් ඇහරිලා හිටිය අයට ඇහෙන්න ඕන.. ඒත් උන්ඩ 8ක් පිට කරලත් බල්ල බුරණ සද්දෙ ඇරෙන්න වෙන කිසි සද්දයක් අවට හිටිය අයට ඇහිල නැ.. ඉතින් නිවසට පිටස්තරයකු පැමිනිම පිලිබඳ කිසිම සටහනක් නැති නිසා සැකය කෙලින්ම රොනල්ඩ් පිට පැටවෙනව.. ඒ වගේම රොනල්ඩ්ගෙ කැලිබර් 35 රයිෆල් එකත් පොලිසියෙන් හොයාගන්නව
දීර්ග වශයෙන් ප්‍රශ්න කිරීම් කරගනයද්දි එකකට එකක් නොගැලපෙන පිලිතුරු ගොඩක් රොනල්ඩ් ප්‍රකාශ කලත් අවසානයෙ ඔහු කියනව නිතරම හොල්මන් කටහඩක් ඔහුට පවුල අයව ඉවර කරන්න කියල අණ දුන්නයි කියල.. ඒ නිසා ඒ කීමට පිටින් යන්නට හිත නොදුන් නිසා පවුලෙ අයව හේතුවක් නැතිවම පරලො යැව්ව කියලයි ප්‍රකාශ කලෙ.. කොහොම උනත් රොනල්ඩ්ට මේ වැඩෙ සඳහා ගියේ විනාඩි 15ක් වගෙ කාලයක් කියල තමා ඔහු ප්‍රකාශ කරල තියෙන්නෙ
මේ නඩු විබාගය අවසන් උනේ ජීවිතාන්තය දක්වා රොනල්ඩ්ට සිර දඩුවම් නියම වීමෙනුයි.. ඔහු 2021 වර්ශයේ මාර්තු මාසයෙදි සදහටම මෙලොවින් සමු ගත්තා.. ඒ 69 වන වියේදි
ඉතින් ඔහුගෙ නඩු වාරයෙදි මෙ කල ප්‍රකාශ විකාර වගෙ පෙනුනත් 1976 නිවස මිලදි ගත් ලුට්ස් පවුලට වෙච්ච අකරතැබ්බය නිසා ඒක එහෙම නැ කියන්නත් බැ මොකද ලුට්ස් මහත්තයට වෙඩි හඩවල් සහ රතු ඇස් තියන ඌරන්ට අමතරව විවිද කටහඩවල් පවා ඇහිල තියනව
ඒ වගේම මේ ප්‍රදේශය මීට පෙර රතු ඉන්දියානුවන් ජීවත් වූ ප්‍රදේශයක්.. ඇමරිකාව සංක්රමණිකයනාවට පස්සෙ රතු ඉන්දියානුවන් සමූහ වශයෙන් ඉවර කරල දාන්න පෙලඹුන නිසා මේ ප්‍රදෙශයෙ හිටිය රතු ඉන්දියානු නායකයා මේ භූමියට ශාපයක් කරල තියනවලු.. ඉතින් මෙ නිවස පිහිටි ස්තානයේදි තමා ඔහු මිය ගිහින් තියෙන්නෙ.. ඉතින් එක එක විදියෙ ඉතිහාස කතා මේ සිදුවීමට ගලපලා තියනව හැබැයි ඒ මොන කතාව ගැලපුවත් රොනල්ඩ් ජෝශප්ට ඇහුන කටහඩවල් සහ ඔහුගෙ හැසිරීම වෙනස් වූ ආකාරයවත් ලුට්ස් පවුල මුහුණ දුන් හොල්මන් සිදුවිමවත් කිසිම කෙනෙක්ට අමතක නොවෙන තරමටම ජනප්‍රිය උන සිදුවිමක් වෙලා අවසන්
Comments
Post a Comment