මස්සිනා



මේ මගේ අක්කගේ මහත්තයා එනම් මගේ මස්සිනාට සිදු වු සත්‍ය සිදුවීමක්.
ඔහු නමින් කමල්.ඒ පලාතේ චන්ඩිපාට් ඇට් කල ගනන් කාරයෙක්.මම තමයි චන්ඩියා මට ඉහලින් කෙනෙක් නෑ කියන මෝඩ අදහස් වලින් ඔලුව පුරවන් හිටි කෙනෙක්.(මේක බලන්න වත් අපේ අක්කට කේලම් කියන්නවත් අයීයා මේ වෙනකොට ලංකාවේ නෑඒ නිසා මම බයත් නෑ)ඒසේම අපේ අයියා හොල්මන් යක්කු පෙරේතයො වගේ දේවල් ගනන් ගත්තෙ නෑ..ආගම දහම ගැන උනත් පැහැදීමක් නෑ.මොන තරම් අපි අවබෝද කරවන්න හැදුවත් ඔහුගේ පණිඩිත කම ඊට හරස් උනා.එදා ඔහු රැකියාව වශයෙන් කලේ රියදුරු ඒ වගේම අනුන් වෙනුවෙන් ඉදිරිපත් වෙන්නත් දෙපාරක් හිතන්නෙ නෑ.යාලුවෙකුට මොකක් හරි වචනයක් කාගෙන් හෝ එහා මෙහා වීමක් වෙලා තිබුනොත් අයියා එතන.එක වතාවක් වැලි ලොරි රියදුරෝ අතර ප්‍රශ්නයක් වෙලා ඔහුගේ අතට කඩුවකින් වැදුනු පහරක් නිසා අතේ ඇති උනු කැපුම් පහර දරාගෙන ශර්ට් එක ගලවල ඔතාගෙන කිලෝමීටර් එකසිය තිස් හතරක් ඇවිත් තිබුනා කැලෑ පාරකින්.මම ඒ ටික කිවුවේ ඔහුගැන හදුන්වා දිමටත් අවසනේ ඔහුට සිදු උනු දේ ගැන යම් දෙයක් ඔබට තේරුම් ගැනීමටත්.

දිනක් කමල් අයියා දැදුරු ඔය පාරේ වැලි ලෝඩ් එකක් අරන් යන්න පිටත් වෙලා තිබුනා ගොඩක් දුරට රෑ යන්නේ ප්‍ර්ශ්නත් අඩු නිසාත් මග ඉඳ හිටලා ඉන්න පොලිස් මත්තුරුන් හොඳින් දන්න නිසාත් සලකගෙන යන්න පුලුවන් නිසාත්.අහිතක් හිතන්න එපා එ ගැන.එදා අයියට වැලි පටවන නිමල් මාමා වල් ඌරු මස් වගයක් දීලා තිබිලා.අයීයා තේක්ක කොලේ ඔතපු වල් ඌරු මස් පාර්සලේ ලොරියේ ශීට් එකේ පස්සේ යටින් තියලා.ඉඩ කඩ සහිත ලොරියේ ඉදිරි පස තුන් දෙනෙකුට යන්න පුලුවන් කම තිබුනත් ගෝලයා එදා බීලා වැඩිවෙලා වැලි පලේම දාලා ඇවිත් තිබුනේ.කොහොම හරි අයියා පලවෙනි චෙක් පොයින්ට් එකට සලකල ටික දුරක් ඇවිත් මග නතර කරල බුලත් විටක් කන්න.ඩ්‍රයිවින් කරද්දි රෑට අයියා බුලත් කනවම තමයි.නින්ද එන නිසා.අයියා බුලත් විට ඒදනකොට අයියට දැනෙනවලු සීතලට කකුල අල්ලනවා වගේ.කකුල ගසල ටක් ගාලා අයියා ශීට් එකෙන් නැගිටලා ශීට් එක යට බලල සර්පයෙක් වත්ද දන්නේ නෑ නේ.ටෝච් එකත් අල්ලල බලල.නෑ මස් පාර්සලේ විතරළු තිබුනේ.අයීයා ආයෙත් නැගිටල ගෝලයා වාඩි වෙලා යන ශීට් එකේ වඩී වෙලා විට කනවළු.ආයේ ටිකකින් යටින් හුස්ම වදිනව වගේ දැනුනලු කකුලට..සීතල හුස්මක් වගේ.ආයේ ටිඅක වෙලාවක් බලන් එහෙමම හිටපු තැනම ඉඳලා.ඒ පාර පිට පුරා කූඹි දුවනවා වගේ දැනිලා.ආයේ ඇඟිලි තුඩු දුවවනවා වගේ දැනිලා.ඒත් එයා කිසි දෙයක් හිතලා නෑ.ආයේ ලොරිය අරන් ඩ්‍රයිවින් කරගෙන යන අතරේ කකුලෙන් ඇදලා.හොඳට කකුල අල්ලල අදිනවා අයියට දැනිලා.එක පාර බ්‍රේක් ගහපු අයියා..ශීට් එකෙන් බැහැලා පාරට.ඒ පාරවල් වල බලු බල්ලෙක් නැහැලු මොකද වැලි අදින කැලෑ පාරවල් නිසා.ලොරියෙන් බැහැපු අයියා ලොරිය වටේට ගිහින් මොකක්ද මේ වෙන්නෙ කියල දැන ගන්න.ඒ වෙනතුරුත් අයියා වෙනසක් හිතලා නෑ.හ්ම්හු ...මුකුත් කවුරුවත් නැහැලු.අයියා ආයේ සද්ද නගලා සංස්කෘත වචනයක් හයියෙන් කියලා වාහනේට නැගලා.වාහනේ ස්ටාර් කරනවළු ඒ පාර ලොරිය පන ගැන්වෙන්නෙ නෑලු.උත්සාහ කරල කරල බැරිම තැන ටික වෙලාවක් ගෝලයගේ ශීට් එක පැත්තට කකුල් දාලා ඩ්‍රයිවින් ශීට් එකට ඔළුව තියාගෙන හාන්සි වෙලා.තව ටිලකි න් යනවා කියලා හිතාගෙන..නින්ද යාගෙන වගේ එනකොට ආයේ අයියගේ ඔළුව අල්ලනව වගේළු .බෙල්ල වටේ අතක් යනවළු.එතකොට නම් අර චන්ඩි පාර්ට් අතුරුදහන් වෙලා.දාඩිය දාගෙන නැගිටලා.දැන් මෙයාට ජිවිතේ පලවෙනි වතාවට බයක් දැනිලා..අයියා..ගාතා මතක් කරන්න හැඳුවට මතක් වෙලා නෑ.ලොරියෙන් පිට ආයේ ඇහෙනවලු හොස් හොස් ගානවා.හුස්ම හිර කරන් කවුරු හරි දඟලනවා වගේ.ටක් ගාලා ඩ්‍රයිවින් ශිට් එකට පැනලා ආයේ ස්ටාට් කරද්දි ස්ටාට් වෙලා නතර වෙලා.ඒ එක්කම ආයේ කකුල් දෙක ලඟ කවුරු හරි ඉන්නවා වගේ දැනිලා .අයියා බිම බලන කොට අයියට පෙනුනලු කකුල් දෙකම ඉඳිමිලා තඩිස්සි වෙලා..කවදාවත් එහෙම තත්වයක් වෙලා නැති අයියා ආයේ ස්ටාට් කරද්දි ස්ටාට් වෙලා ලොරිය.අයියා ඉක්මනට ලොරිය වේගෙන් පැදගෙන යද්දි වල් ඌරෝ දෙන්නෙක් ඇහැ දීගෙන ඉන්නවලු පාරෙ.හෙලවෙන්නෙ වත් නැතුව .වාහනේ එනවා පෙනි පෙනි.හෝන් එක ගහල කීප වතාවක්.ඒත් අයින් වෙලා නෑ.කරන්න දෙයක් නෑ හිතත් සසල වෙලා හිටපි වෙලාවෙ ඕන දෙයක් වෙච්ච දෙන් කියල යට කරන් යනවා කියල හිතලා ඉස්සරහට ගිහි.ලන් වෙද්දිම අයියට තෙරිලා උන් ලොරියේ පිටි පස්සෙ දඟලනවා.අර උරො කෑ ගහන සද්දෙන්.ඔන්න එතකොට අයියට මතක් වෙලා..අර මාමා දීපු වල් ඌරු මස් පාර්සලේ .වාහනේ නතර කරපු අයියා ඌරු මස් පාර්සලේ අතට ගද්දි අමු කුනු ගඳක් ආවලු ඒකෙන්.රතු පාටට තිබුනු ඌරු මස් එක කළු පාට වගේලු .එහෙමම විසික් කරපු අයියා වාහනේ පුලුවන් වේගෙන් පැදන් ඇවිත් මහ පාරකට දාලා.දැන් එක දෙක වාහන යනවළු.අර භය ටිකක් අඩු උනාළු.ඒත් දැනුනු භීතිය එහෙමමලු.කොහොම හරි අයියාට එතන ඉඳල වැලි ලෝඩ් එක බාන කම් ඉවසිල්ලක් නැතුව ඉඳලා ගෙදර ගිහින් අක්කට කියලා..අක්කා පන්සලටත් අයියව එක්ක ගිහින් .හාමුදුරුවන්ටත් විස්තරේ කියල .උන් වහන්සේ සෙත් පිරිත් කියලා පිරිත් නූලකුත් බැඳලා අතේ.කොහොම උනත් එදා සිදුවීම අයියා රට යන තුරුම එයා සැරෙන් සැරේට කීවා.අමනුස්ස බැල්මවල් අමනුස්ස යන් ඉන්නවා කියන විස්වාසය එයාට දැන් දැනෙනවා.එයා අත් විදපු නිසා.අපි ආගම දහමෙන් යමක් කියද්දි ඒ ගැන අවබෝදයක් දැන් ලබා ගන්නවා.කොහොම උනත් මස් කන එකත් මහ රෑ ඒ පාරේ වැලි අදින එකත් නතර උනා.පස්සෙ තමයි විදෙස් ගත උනේ.

නිමි

උපුටා ගන්නා ලද්දකි.
ප්‍රසාංගි ආරච්චි.

සත්‍ය සිදුවීමකි.

Comments

Popular posts from this blog

මරණයෙන් පිබිදුණු මිනිස්සු ග්‍රන්ථයෙන් - 02 කොටස - මරා දැමුණු මිනිසා අතින් මිනීමරැවා ඝාතනය වෙයි

මරණයෙන් පිබිදුණු මිනිස්සු ග්‍රන්ථයෙන් - 01 කොටස - මරණින් පසු පුතුගේ ගෙදරට ආ "ලෙකි" මහත්මිය