Posts

Showing posts from September, 2021

කනත්ත - The Graveyard

Image
"නැන්දේ ...නැන්දේ ..." "කනත්තට තව දුරද ? " අපි අහපු එක ඇහුනෙවත් නැති ගානට ඒ නැන්දා ගෙයක් පැත්තට ඇවිදගෙන ගියෙ අපේ හිත්වලටත් ප්‍රශ්නයක් ඉතුරු කරලා .. "කවුද බන් ඒ ? කන් ඇහෙන්නෙ නැද්ද මන්ද බන්" .   "සදරු බැහැලා ගිහින් අහපන් තවම පාන්දර 4 නිසා නැන්දා බය වුනාද දන්නෙ නෑනෙ බන් අපි හොල්මන් කියලා." මගේ නම චරිත් , ගෙවල් තියෙන්නෙ කිරිබත්ගොඩ උනාට දැන් මේ ඇවිත් ඉන්නෙ යාලුවෙක්ගෙ ආච්චි නැතිවෙලා ඒ මළ ගෙදරට . කළගෙඩිහේනෙ තමා මළ ගෙදර තියෙන්නෙ.   මමයි සදරුයි මළ ගෙදරට ආවේ දවස් 2ට කලින් දැන් මේ මළ ගෙදරින් අපි බයික් 4කින් පිටත්වුනේ මිනියෙ අවසන් කටයුතු අද හවස නිසයි.  පාන්දරම මිනිය තියෙන තැනින් පිටත්වුනේ වළ කපන උන් ටික වැඩේ කරනවද බලන්නයි , පොඩි බැනර් දෙක තුනකුයි තොරණකුයි ගහන්න කියලා හිතාගෙන. එහෙන් එද්දි 3.30ට විතර ඇති. පට්ටම කළුවරයි අපිට පාරවලුත් දන්නෙ නැති නිසා කට්ටියගෙ පස්සෙන් තියාගෙන හිමීට ගියා. මායි සදරුයි ආවෙ Ct100 බයික් එකක අනිත් බයික් ඔක්කොම වගේ pulser එකම එකක් hornet එකක්.   කියන්න ඕන නෑනෙ කොල්ලො ටිකකට බයික් ටිකක් එක්ක බල්ලෙක්වත් නැති හිස් නිදහස් පාරවල් ටිකක් සෙට්ව

මරණයෙන් පිබිදුණු මිනිස්සු ග්‍රන්ථයෙන් - 02 කොටස - මරා දැමුණු මිනිසා අතින් මිනීමරැවා ඝාතනය වෙයි

Image
  මරා දැමුණු මිනිසා අතින් මිනීමරැවා ඝාතනය වෙයි ලන්ඩන් නගරය අසල වූ එක්‌ පෞද්ගලික පාසලක්‌ පිහිටා තිබුණේ බෙහෙවින්‌ පැරණ විශාල තිවසක්‌ තුළය. එල්ම් ගසින්‌ හා දේවදාර ගසින්‌ සෙවන වූ පාසල්‌ භූමිය මනරම් තෙමිස්‌ නදිය අසඛඩ සුන්දර පථසරපරයක පිහිටා තිබිණ. 1870 වසරේ පළමු පාසල්‌ වාරය ආරමිභ විය. පාසල්‌ සිසුන්‌ 13ට දෙනාත්‌ ගුරුවරුන්‌ කිහිපදෙනාත්‌ ඇතුළු සියල්ලෝම පාසල පටන්‌ ගත්‌ දින පැමිණ සිටියහ. මේ වාරයේ දී පැරණ ගුරුැවරැන්ට අමතරව සැම්ප්සන්‌ නමි වූ අළුත්‌ ගුරැව්රයෙක්‌ ඳ පැමිණ සිටියේය. මුහුණ පුරා  වැවුණු ඝන රැවුලුකින්‌ ද උස්‌ සිපැරකින්‌ ද යුතු වූ අළුත්‌ ගුරුවරයා කල්‌ යත්ම ශිෂ්‍යයන්‌ අතර ජනප්‍රිය වන්නට සමත්‌ විය. රට රටවල ඇවිද, නොයෙකුත්‌ තොරතුරු දැන සිටි ඔහු ඒ පිළිබඳට සිසුන්ට රසවත් කතා පැවසීමටද සමත්ව සිටියේය. සැම්සන් ගේ ගෙලෙගි නිරතුරුවම ඔහු පැළඳ සිටි මාලයක්‌ විය. ඔහුගේ මුල්‌ අකුරු තුන වන ඒ. ඩබ්ලිව්‌. එස්‌. කොටා තිබූ රන්‌ එහි අමුණා තිබිණ. “සැම්සන්” මහතා පාසලට පැමිණ නොබෝ දිනකින්‌ අද්භූත සිදුවීම්‌ මාලාවක්‌ පාසල පුරා හමා යත්නට පටන්‌ ගත්තේය. දිනක් ගුරැවරයා ශිෂ්‍යයින්ට ලතින් බාෂාව උගන්වමින් සිටියේය. ශිෂ්‍යයින්ට ලත

කළු හරකා - The Black Bull

Image
මම රාජකාරී කරමින් සිටි ආයතනයේ රාජකාරී කටයුත්තකට ඉන්දියාවට පැමිණි මට මෙයට වසර කිහිපයකට පෙර ඉන්දියාවේ විශ්ව විද්‍යාලයක මා සමඟින් අධ්‍යාපනය ලබමින් සිටි අමල් ජෝදා නම් මගේ මිතුරෙකුගෙන් අදිසි දුරකථන ඇමතුමක් ලැබිණි. අමල් ජෝදා ඒ සමයේ මගේ සමීපතම මිතුරා වූ අතර කිහිපවරක්ම මා එදවස ඔහුගේ නිවෙසට ගොස් අමල් ජෝදා ගේ අම්මාගේ රසවත් ඉන්දියානු ආහාර රසවිඳ තිබිණි. ඒ දිනවල ආන්ද්‍රා ප්‍රදේශය පුරා මුස්ලිම් සහ හින්දු ප්‍රචණ්ඩ ක්‍රියා නිසා ඇදිරිනීතිය පනවා තිබූ නමුත්, මගේ රාජකාරී හැදුනුම්පත භාවිතා කරමින් මා අමල් ගේ නිවෙස පිහිටි විජයපුරම් වෙත ගියේ ආයතනයේ රියදුරෙක් විජයපුරම් වෙත යන්නට අනියමින් කැමති කරවාගෙනය.  සවස 5 පමණ වන විට මා විජයපුරම් වෙත ඇරලූ ආයතනයේ රියදුරා මා දුන් සන්තෝසම ද ගෙන පිටව ගියේය.  මිනිසුන්ගෙන් ශූන්‍ය නගරය ඇඳිරිය වැටෙන විට කුමක්දෝ වචනයෙන් කිව නොහැකි පාළුවකින් පිරී ගොස් තිබුණේය. නගරය සම්පූර්ණයෙන්ම හිස් ය. එකම එක මිනිස් පුළුටක් සොයමින් මගේ ඇස් හාත්පස දිවගිය මුත් මනුශ්‍යය සෙයියාවක්වත් දකින්නට නොවීය. අමල් පවසා තිබුණේ මා රැගෙන යන්නට බස් නැවතුමට එන බව යි.  අදුරු බස්නැවතුමේ කෙළවරක සිට අන්ධකාර සෙවණැල්ලක් මා

ඇමිටිවිලි ශාපය - Amityville Curse

Image
1977 වර්ශයේදි පොතකට ලියවුනු සහ එමගින් අද වෙනකම් බිහි වූ චිත්‍රපට ගණනාවකට පාදක වූ සත්‍ය සිදුවීමක් ගැනයි ලියන්නෙ.. නම දැක්කම සමහරු නම් දන්නවා ඇති මොකක් ගැනද කියන්නෙ කියල.. මට මතක විදියට නම් මේ සම්බන්දව චිත්‍රපට 10ක් විතර දැනට නිකුත් වෙලා ඇති තව ඉස්සරහටත් මේ කතාවම reboot වෙවි එයි.. ඉතින් මේ කතාවට හේතුව උන දේට කලින් කතාව ගින්නක් වගෙ ලෝකෙ පුරා ඇවිලුන සිදුවීම ගැන මුලින් කතා කරමු මෙ සිදුවීමට මුහුණ දෙන්නෙ ලුස්ට් පවුලෙ අයයි.. ඒ අය 1976 වර්ශයේදි $80,000ක් වැනි ලොකු මුදලකට ඇමිටිවිල් වල 112 ඕශන් මාවතෙ තිබෙන නිවසක් ගන්නව. ඉතින් අස් පස් කරල මේ අය පදින්චියට ආවට පස්සෙ තමා කෙලිය වෙන්නෙ .. මොකද මේ නිවසෙ අත්භූත සිදුවීම් රාශියකට මුහුණ දීමට සිද්ද වෙනව..  ලුට්ස් මහතාව හරියටම හැම දාම පාන්දර 3.15ට හේතුවක් නැතුවම නිකන්ම අවදි වෙනව.. ඉතින් මේක සාමන්‍යයි කියල හිතන්න පුලුවන් දවසක් දෙකක් ඒ වෙලාවට ඇහරුනාම දිගටම වෙන එක.. ඒත් ඒ ඇහරුනාම මහ අමුතු ගඳක් බිත්ති වලින් එනවත් දැනිල තියනව.. දොරෙ යතුරු කවුල් වල ඉදන් තියන සෑම හිඩසකින්ම මේ ගඳ හමා ඒම නිසා මේ ගැන මහා අමුතු බයකින් තමා මේ අයජීවත් උනේ.. ඊට අමතරව අමුතු ආකාරයෙ භීතිජනක ස

සත්‍ය අත්දැකිමක් - A True Story

Image
මෙය මා විසින් ලැබු සත්‍ය අත්දැකිමක් වන අතර , තවත් කෙනෙකුට එසේ නොවන්න සිතා මා විසින් මෙය ඔබ වෙතට ගෙන එ. වර්ෂය 2014 එ වන විට මා  සිටියේ කොළඹය මා එක්සත් ජාතික පක්ෂයේ යොවුන් පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික්කයේ සංවිධානයක ලෙස වැඩ කර අතර මාගේ ම ව්‍යාපාරයක් ලෙස වහාන කුලි පදනමට දිමේ ව්‍යාපාරයක් කරගෙන ගියේය. එම කාලය ව්‍යාපාර වලට ඉතා හොද කාලයකි විදේශ වල සිට පැමිණේන බොහො දේනා මා කවුද යන්නවාත් නොදැන මාගෙ ගිණුම් වලට මුදල් බැර කර ඔවුන් හට වහානක් එන දිනට කටුනායක ගුවන් තොටුපළ වෙත එවන ලේස මා හට පවසයි. වාහනය දිමට ගිය විට රට අරක්කු බොතලයාක් සහ සිගරට් පැකට් 3 - 4 ද මාහට ලැබෙන අතර එය අමතර වාසියකි.  මෙම වර්ශයේ සැප්තැම්බර් මස ද මා හට එසේම රට සිට පැමිණි 5 පමණ වහාන දිමට සිදු වුණි අරක්කු බොතල්ද 7 පමණ මා ළඟ තිබුණි එම නිසාම මගේ යහළුවන් 3 දෙනා සමග අප කණ්ඩලම ප්‍රාදේශය්ට චාරිකාවක් යැමට සැරසුනෙමු. කොළඹින් පිටත්ව නුවර හරහා මාතලේ ඔස්සේන් දඹුල්ලට යැමට තිරණය කලේ අපගේ යහළුවෙක් නා වුල ප්‍රාදේශයේ සිටි නිසා ඔහුගේ නිවසට ගොස් යැමටය. දහවල් 2 වන විට අප නා වුල ප්‍රදේශයට පැමිණි අතර ඔහුගේ නිවසට ගොස් කැම කා අවසන්ව ඔහුගේ  ආරාධනාව මත රා බිම

දුන්හිඳ කන්දේ තිබෙන හොල්මන් කතා - Ghost stories based on Dunhindha Waterfall

Image
 දුන්හිඳ කන්දේ තිබෙන #හොල්මන් ගැන ඔබ කිසිදිනක අසා නැති ඇසුවම භියට පත්වන කතාව මෙන්න.   ​ගැල් හෙවත් කරත්ත මගින් භාණ්ඩ ප්‍රවාහනයට ඇත්තේ මිනිස් ශිෂ්ටාචාරයේ ආරම්භය තරමටම දිගුවූ ඉතිහාසයකි. ගවයින් බැඳි ගැල් 500ක් පිරිවරාගෙන වෙළඳ‌ාමේ යෙදුණු වෙළඳුන් පිරිසක් පිළිබඳව අප කුඩා කල දහම් පාසලේදී කියවූ පන්සිය පනස් ජාතක පොතේ එන අපණ්ණක ජාතකයේද සඳහන් වෙයි. අද මෙන් රථවාහන බහුල නොවූ සියවසකට පමණ පෙර මෙරට භාණ්ඩ ප්‍රවාහනය මෙන්ම තැපැල් ප්‍රවාහනය සිදුවූවේද ගොනුන් බැඳි කරත්ත මගිනි. එකල කොළඹ ගැල්කරුවන් දියත් කළ මහා වැඩ වර්ජනයක් ගැනද අපි අසා ඇත්තෙමු. අදින් දශක ගණනාවකට පෙර මෙරට මාර්ග පද්ධතියේ සැලකිය යුතු තැනක් කරත්තයට හිමිව තිබුණද අද වනවිට මහමඟ ගමන් ගන්නා කරත්තයක් දක්නට ලැබෙන්නේ නම් ඒ ඉතා කලාතුරකිනි. එසේ වුවද කෙමෙන් වියැකී යන පාරම්පරික කරත්ත රස්සාව රැකබලා ගනිමින් එයට ජීවය දෙන මිනිසුන් පිරිසක් වියලුවේ ගම්මාන කීපයක අදටත් ජීවත්වෙති. බදුල්ල දිස්ත්‍රික්කයට අයත් බෝලියද්ද, මීගහකිවුල, මකුල්ගොල්ල, තල්දෙන, පරගස්තැන්න, පුස්සල්ලාව ආදී ගම්මානවල වෙසෙන පාරම්පරික කරත්තකරුවෝ අදටත් සිය ජීවිකාව ගෙන යන්නේ කරත්ත මගින් බදුල්ල නගරය වෙත දර

මළවුන්ගේ හෝරාව - The Hour Of Dead

Image
සේරුවිල ගම්මානයේ බටහිරින් පිහිටි කඳු මුදුන් අතරින් මළ හිරු බැස යමින් සිටියේය.තවත් සුළු මොහොතකින් අඳුරු සෙවණැලි ගම්මානය වෙලා ගනු ඇත.ඉන්පසු එළැඹෙන්නේ මෙම මිහිතලය මත වෙසෙන සියලුම අමනුෂ්‍යයන්ට ශක්තිය හා ජීවය ලැබෙන අඳුරු රාත්‍රිය යි.  ගුරුවරියක වූ නයනා පාසල අවසන් වූ පසු ළමුනට සවස උපකාර පන්ති පවත්වා යළි  නිවසට පැමිණෙමින් සිටියාය. ගම්මානයේ  ගුරු පාර අසලින් බසයෙන් බැසගත් ඇය ගුරු පාර දිගේ පාගමනින් ම ගමන් ගත්තාය. මේ වන විට වේලාව සවස 6 ද පසු වී තිබූ අතර ඇය තම විදුලි පන්දම දල්වා ගනිමින් ගමන් ගත්තාය. වෙනදාට ද නයනා මෙසේ රෑ බෝ වී නිවස වෙත ගමන් කළ හෙයින් ඇයට එය හුරුපුරුදු අත්දැකීමක් වූවාය.  මාර්ගයේ දෙපස ද එතරම් නිවාස පිහිටා නොතිබූ අතර එම එම ප්‍රදේශය මදක් පාළු බවක් ඉසිලුවේය. මේමොහොතේ නයනා ප්‍රදේශයේ සොහොන් පිටිය පසු කරමින් සිටියාය. සිතට චකිතයක් ඇති වුවද වෙනදාට ද කිසිදු ගැටලුවකින් තොරව ඇය මෙම ස්ථානය පසුකරන  හෙයින් ඈ ඉදිරිය බලාම ගමන් කළාය. එක්වරම වාගේ මාර්ගය අසල පිහිටි නුගරුකක් මත සිටි උලමෙකු හඬ තලන්නට විය. එම අමිහිරි නාදය කන වැකෙත්ම නයනාගේ සිතට නැගී ආවේ අසීමිත භීතියකි.  තම සාරි පොටින් මුහුණට නැගුණු ඩහදිය