කනත්ත - The Graveyard
"නැන්දේ ...නැන්දේ ..." "කනත්තට තව දුරද ? " අපි අහපු එක ඇහුනෙවත් නැති ගානට ඒ නැන්දා ගෙයක් පැත්තට ඇවිදගෙන ගියෙ අපේ හිත්වලටත් ප්‍රශ්නයක් ඉතුරු කරලා .. "කවුද බන් ඒ ? කන් ඇහෙන්නෙ නැද්ද මන්ද බන්" . "සදරු බැහැලා ගිහින් අහපන් තවම පාන්දර 4 නිසා නැන්දා බය වුනාද දන්නෙ නෑනෙ බන් අපි හොල්මන් කියලා." මගේ නම චරිත් , ගෙවල් තියෙන්නෙ කිරිබත්ගොඩ උනාට දැන් මේ ඇවිත් ඉන්නෙ යාලුවෙක්ගෙ ආච්චි නැතිවෙලා ඒ මළ ගෙදරට . කළගෙඩිහේනෙ තමා මළ ගෙදර තියෙන්නෙ. මමයි සදරුයි මළ ගෙදරට ආවේ දවස් 2ට කලින් දැන් මේ මළ ගෙදරින් අපි බයික් 4කින් පිටත්වුනේ මිනියෙ අවසන් කටයුතු අද හවස නිසයි. පාන්දරම මිනිය තියෙන තැනින් පිටත්වුනේ වළ කපන උන් ටික වැඩේ කරනවද බලන්නයි , පොඩි බැනර් දෙක තුනකුයි තොරණකුයි ගහන්න කියලා හිතාගෙන. එහෙන් එද්දි 3.30ට විතර ඇති. පට්ටම කළුවරයි අපිට පාරවලුත් දන්නෙ නැති නිසා කට්ටියගෙ පස්සෙන් තියාගෙන හිමීට ගියා. මායි සදරුයි ආවෙ Ct100 බයික් එකක අනිත් බයික් ඔක්කොම වගේ pulser එකම එකක් hornet එකක්. කියන්න ඕන නෑනෙ කොල්ලො ටිකකට බයික් ටිකක් එක්ක බල්ලෙක්වත් නැති හිස් නිදහස් පාරවල් ටිකක් සෙට්ව