Posts

Showing posts from 2019

අමුත්තා

Image
පුද්ගලිකව ලැබූ අත්දැකීමක් නොවුනත් ලගම හිතවතෙකුගෙන් දැනගත් සත්‍ය කතාවක් මත පදනම්වුන කතාවකි...(නම් ගම් සහ ප්‍රදේශ පමණක් මනඃකල්පිතව ඉදිරිපත්කර ඇතිබව සලකන්න) වර්ෂය:1989(JVP භීෂණය තදින්ම දිවයිනපුරා පැතිර තිබූ සමය) ප්‍රදේශය:කෑගල්ල නගරයට ආසන්න පිටිසරබද ගමක් නිමල් කොළඹ ප්‍රදේශයේ කර්මාන්තශාලා සේවකයකු වශයෙන් රැකියාවේ නියුතු ප්‍රදේශයේ කා අතරත් ජනප්‍රිය චරිතයකින් හෙබි මැදිවියේ පුද්ගලයෙක් ඔහුගේ බිරිද රූපා ගෘහණියක් ගමේ කාගෙත් සිත් දිනාගත් කඩිසර බිරිදක් වූ මොවුන්ගේ පවුලට දරුවන් තිදෙනෙකි ලොකු පුතා සංජීව විශ්ව විද්‍යාල අධ්‍යාපනයේ නිරතව සිටි අතර දියණිය ගිම්හානි උසස් පෙල හදාරමින් සිටියදී බාල පුතු කුසල් පාසලේ දහවන ශ්‍රේණියේ අධ්‍යාපනය හදාරමින් සිටියා.අඩුපාඩුකම් මැද දිවිගෙව්වත් මේ පවුල ලද දෙයින් සතුටු වෙමින් එකිනෙකා සමග සහයෝගයෙන් ගමේ කා අතරත් හිත් දිනාගෙන සතුටින් ජීවත්වෙනු ලැබුවා.නමුත් අදුරු භීෂණ සමයෙ ආරම්භයත් සමග රටේ සෙසු පවුල් වලට මෙන්ම නිමල්ගේ පවුලටද අගහිගකම් වැඩියෙන් දැනුන අතර මරණබිය ඉහ ඉද්දර කැරකෙන අදුරු භීෂණයේ සෙවණැලි ඔවුන්ටද ඉදහිට පෙනී නොපෙනී යමින් තිබුණා. මෙය ඔවුන්ට තදින්ම දැන

මරණයෙන් පිබිදුණු මිනිස්සු ග්‍රන්ථයෙන් - 01 කොටස - මරණින් පසු පුතුගේ ගෙදරට ආ "ලෙකි" මහත්මිය

Image
මරණින් පසු පුතුගේ ගෙදරට ආ "ලෙකි" මහත්මිය "තාත්තේ , අම්මේ මවා බේරා ගන්න ආච්ච් අම්මා මගේ බෙල්ල මිරිකනවා." කුඩා දැරියගේ මරලතොනිය නිවස පුරා පැතිරිණ. ඒ සමගම ඈ උගුර යටින් ගොර ගොර හඩක් නිකුත් කළාය. දැරියගේ මවත් පියාත් කාමරයට දිව ගියහ. ඹවුන් දුටුවේ ගෙලෙහි ඇගිලි පහරවල්ද සහිතව මිය ගොස් සිටින තම සිගිති දියණියයි. ඇගේ ගෙල මිරිකා දමා තිබිණි. මේ ගමක් බිය ගැන්වු "ලෙකී" මහත්මියගේ අවතාරය විසින් සිදු කරන ලද බිහිසුණුම ක්‍රියාවයි. දහඅටවැනි ශත වර්ෂයේදී බ්‍රිතාන්‍යයේ සොමර් සෙටි ග්‍රාමයේ ජිවත් වු "ලෙකී" මහත්මිය ඉතාමත් කරුණාවන්ත මහළු කතක් වුවාය. තම එකම පුත්‍රයාත් ලේලියත් කුඩා මිණිපිරියත් සමගය ඈ වාසය කළේය. ඈ ගේ කරුණාවන්ත ගතිගුණ නිසා අසල්වැසියෝ ද ඇයට බෙහෙවින් ඇලුමි කළෝය. දිනක් ලෙකී මහත්මිය සමග කතා කරමින් සිටි අසල්වැසි කාන්තාවක් මෙසේ කීවාය. "ඹබ වගේ කරුණාවන්ත ගැහැණියකගේ අගය කවද හරි අපට හරියටම තේරෙන්නේ ඹබ නැති දවසකටයි." මෙයට "ලෙකී" මහත්මිය දුන්නේ පුදුම එලවන සුළු පිළිතුරකි. "ජිවත්ව ඉන්න මාව ඹබට ප්‍රිය වුනාට මා මිය ගියාට

මස්සිනා

Image
මේ මගේ අක්කගේ මහත්තයා එනම් මගේ මස්සිනාට සිදු වු සත්‍ය සිදුවීමක්. ඔහු නමින් කමල්.ඒ පලාතේ චන්ඩිපාට් ඇට් කල ගනන් කාරයෙක්.මම තමයි චන්ඩියා මට ඉහලින් කෙනෙක් නෑ කියන මෝඩ අදහස් වලින් ඔලුව පුරවන් හිටි කෙනෙක්.(මේක බලන්න වත් අපේ අක්කට කේලම් කියන්නවත් අයීයා මේ වෙනකොට ලංකාවේ නෑඒ නිසා මම බයත් නෑ)ඒසේම අපේ අයියා හොල්මන් යක්කු පෙරේතයො වගේ දේවල් ගනන් ගත්තෙ නෑ..ආගම දහම ගැන උනත් පැහැදීමක් නෑ.මොන තරම් අපි අවබෝද කරවන්න හැදුවත් ඔහුගේ පණිඩිත කම ඊට හරස් උනා.එදා ඔහු රැකියාව වශයෙන් කලේ රියදුරු ඒ වගේම අනුන් වෙනුවෙන් ඉදිරිපත් වෙන්නත් දෙපාරක් හිතන්නෙ නෑ.යාලුවෙකුට මොකක් හරි වචනයක් කාගෙන් හෝ එහා මෙහා වීමක් වෙලා තිබුනොත් අයියා එතන.එක වතාවක් වැලි ලොරි රියදුරෝ අතර ප්‍රශ්නයක් වෙලා ඔහුගේ අතට කඩුවකින් වැදුනු පහරක් නිසා අතේ ඇති උනු කැපුම් පහර දරාගෙන ශර්ට් එක ගලවල ඔතාගෙන කිලෝමීටර් එකසිය තිස් හතරක් ඇවිත් තිබුනා කැලෑ පාරකින්.මම ඒ ටික කිවුවේ ඔහුගැන හදුන්වා දිමටත් අවසනේ ඔහුට සිදු උනු දේ ගැන යම් දෙයක් ඔබට තේරුම් ගැනීමටත්. දිනක් කමල් අයියා දැදුරු ඔය පාරේ වැලි ලෝඩ් එකක් අරන් යන්න පිටත් වෙලා තිබුනා ගොඩක් දුරට රෑ යන්නේ ප්‍ර්ශ්

සුලෝචනා

Image
 "මචන් උබ පලයන් මන් ලෙක්චර් හෝල් එකට දුවලා එන්නම්" මා සලිත වෙත එසේ පවසා තුන් වන මහලේ පිහිටි දේශන ශාලාව වෙත දිවගියේ මා මගේ පොත් කීපයක් අමතක වී දමා ආ බව සිහි වීමෙනි.වේලාව හවස හතර පසු වී තිබුණි.දැනටමත් දේශන ශාලාව වසා ඇත්දැයි සිතමින් මා තෙවන මහල වෙත දිව ගියෙමි.දෙවියන්ට පින් සිදු වන්නට එය තවමත් විවෘත ව තිබුණි.මා හිස් වූ සිවිසල් දේශ ශාලාවට ඇතුලු වීමි.නිහැඩියාවේ මද අදුරේ ගිලී තිබූ දේශන ශාලාව තුල මා පෙර අසුන් ගත් අසුන සොයා ගමන් කලෙමි.එය මත මාගේ පොත් නොතිබුණි.මා අසුන යටත් පිරික්සීමි.එය කොහේවත් නොතිබුණි. මා මීලගට ගියේ දේශන ශාලාව පිටත තබා තිබූ ලොකර් සමූහය සොයාය.මන්ද යත් සිසුන් අතපසු කර යන පොත් පත් දේශන ශාලාව බාර පුද්ගලයා විසින් මෙහි ලොකර් තුල දමා තබන බැව් මා අසා තිබුණි.මා ලොකර් එකින් එක විවෘත කර බැලීමි.ඒ කිසිවක් තුල මාගේ පොත් නොතිබුණි.පහල කෙලවරේ එක් මලකඩ කෑ දොරක් සහිත ලොකරයක් තිබුනි.එය කාලයකින් විවෘත කර නොමැති සෙයකි.මේකේ නම් තියෙන්න විදිහක් නෑ මා මටම කියා ගත්තෙමි.එහෙත් අවසානයේ එයත් විවෘත කර බැලිමට මා හට සිතුණි.බොහෝ දුරට අබලන් වූ එහි දොර මල කෑම නිසා තරමක් විවෘත කිරීමට අපහසු විය.මා

තැඹිලි වෙළෙන්දා

Image
"පාර වසා ඇත විකල්ප පාරවල් බාවිතා කරන්න" බයික් එක පදවන් ගිය සුදාරක පාරේ තැනක ලියල තිබ්බ ඒ පුවරුව දැක්කා විතරයි බයික් එක නැවත්තුවා. එතන තිබ්බේ තුංමන්හන්දියක්. ,සුදාරක යන ගමන යන්ඩ ඕන වුනේ අර වහල තියෙන පාර ඔස්සෙයි. "දැන් මොකද කරන්නේ...." පිටුපස හිටපු නිලුපුලිත් එය දැකපු නිසයි එහෙම ඇහුවේ. මෙතෙක් වෙලා දාගෙන ආපු හෙල්මට් එක ඇය ගලවල අතට ගත්තා. "වෙන පාරක් හොයාගන්ඩ වෙනවා......මේ පාරෙන් යන්ඩ දැන් බෑනේ" "අපි මේ පැත්ත ගැන හරියට දන්නෙත් නෑ. පාරක් අහගන්ඩ කියලා මේ රෑ දෙගොඩ හරියේ කාහෙන් අහගන්ඩද" නිලුපුලි කිව්වේ තම phone එකෙන් වෙලාව බලල ඉවර වෙලා. වෙලාව රෑ එකොලහයි විසි එක විදිහට සදහන් වෙලා තිබ්බා. ගෙවල් දොරවල් නැති මිනිස් කටහඩක් නැති ඒ පෙදෙසේ ඔවුන් මංමුලාවෙලා කියලයි ඇයට වැටහුනේ. සුදාරකගේ ගොඩක් දුර බැහර හිටපු සොහොයුරියගේ නිවසට බයික් එකේම ගිය නිලුපුලිත් ඔහුත් හැමදාම වගේ ප්රදාන පාරවල් වල නොගොස් අතුරු පාරවල් වලින් ඒ නිවසට යන්නේ කෙටි දුරකින් ඒ නිවසට යන්ඩ හැකිනිසායි. අදත් ඔවුන් ඒ ගමන බයික් එකේ ගියේ සුපුරුදු විදිහටමයි. දවල් අවුවේ වාහන ගොඩේ යන එකට වඩා රෑ මේ